Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

පිංතූරයක් ඇතුලෙ file එකක් හංගමුද....?

           පිංතූරයක් ඇතුලේ file හිංගන්න පුළුලන් කියලා ඔයාල දැනගෙන හිටියද? නැත්නම් මම කියල ‍දෙන්නම් කරන විදිය.කව්රුහරි බැලුම පිංතූරය විතරයි පේන්නේ.මේ වැඩේ කරන්න කලින් WinRar කියන software එක ඕනි වෙනවා. කට්ටිය ලඟ ඇති මේක දැනටමත්.අන්තර්ජාලයන් ගන්න හුගක් file compress කරලනෙ තියෙන්නේ. WinZip වලිනුත් පුළුවන් උනත් එකෙදී errors එන්න පුළුවන් නිසා WinRar නැත්නම් torrent එකකින් බාගන්න.

          මුලින්ම folder එකක් හදා ලගන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්, හංගන්න ඕනි file එකත් දා ගන්න. file කීපයක් උනත් කමක් නෑ. folder ඒක මම හැදු‍වේ C :\ එකේ‍.ලේසි තැනක හදා ගන්න.
           මම video file(13.7MB) එකක් හන්ගන්න හදන්නේ. ඒ නිසා මේ විදියට පින්තුරයයි video file එකයි folder එක ඇතුලේ දා ගත්ත.
     
          දැන් තමයි WinRar වලින් compress කර ගන්න ඕනි වෙන්නේ. Video file එක උඩ right click කරලා ‘add to Archive’ කියල select කරන්න. දැනට තියන නම දිග වැඩි නම් කෙටි නමක් දීල ok කරන්න. file එක compress වෙලා ඒ folder එක ඇතුලෙම පෙනේවි.
                              
           දැන් Start>Run ගිහින් (නැත්නම් windows key +R) cmd කියල type කරලා Enter කරන්න. command prompt window එක පෙනේවි. ඒකෙදි CD\ කියල type කරලා enter කරන්න.
         C:\> එකට ආව නේද. ඊට පස්සේ මම type කලා ‘cd sinhala’ කියල. ඒ මගේ පින්තූරය තියන folder එකේ නම.
C:\sinhala> කියන තැන මේ තියන වචන type කරන්න.

copy /b logo.jpg + Video.rar logo.jpg
         
          copy /b ලගට තියෙන්නේ ඔයාලගෙ පින්තූරෙ නම. නම ලිව්වට පස්සෙ space එකක් තිලෙ + ලකුණ දාල space එකක් තියල rar file එකේ නම ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම ලියන්න.දැන් enter ඔබන්න.
          දැන් බලන්න ගිහින් පින්තූරෙ file size එක video එලක් file size එලකන්ම ලැඩි වෙලා නේද කියල. ඒ කියන්නේ video file එක පින්තූරෙ ඇතලෙට ගිහින් තියෙන්නේ. ඒ උනාට පින්තූරෙ උඩ click කලාම open වෙන්නෙ පින්තූරෙ විතරයි.
          පින්තූරෙ ඇතුලේ තියන file එක ඕනි කරන වෙලාවට බලන්නෙ කොහොමද කියල දැන් කියල දෙන්නම්. ක්‍රම 2ක් තියෙනව. එකක් තමයි පින්තූරෙ උඩ right click කරලා open with ගිහින් winrar select කලාම video file එක පෙන්නාවි. open with list එකේ winrar නැත්නම් choose program ගිහින් winrar select කරන්න.
          අනිත් විදිය තමයි file එකේ extension එක rename කරන්න rar වලට. (logo.jpg කියන එක logo.rar කියල මාරු කරන්න.extension එක පේන්නෙ නැත්නම් folder option > view ගිහින් ‘hide extensions for known file types’ කියල තියන tick එක අයින් කරන්න.) warning එකක් ඒවි ඒක ගැන ලැඩිය හිතන්න එපා. yes කියල දෙන්න. පින්තුරෙ rar file එකක් විදියට මාරු වේවි. ඒක උඩ click කලාම video file එක පෙන්නාවි. හංගන්න ඕනි උනාම extension එක jpg කියල දෙන්න. (logo.rar > logo.jpg) දැන් පින්තූරෙ විතරයි පේන්නෙ.



Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates