Saturday, April 05, 2025

Breaking News

Internet Speed කරමුද....?

          අපි හැමෝම Internet පාවිච්චි කරනවා.නමුත් ලංකාවේ අපිට ලැබෙන Internet වේගය අඩුයි.ඒ මදිවට ඒ එන වේගයත් පරිගණය මගින් යම්තාක් දුරට Slow කරල තමයි අපිට ලබාදෙන්නෙ.ඉතින් ඒ Slow කරන එක නැති කරගෙන අපගේ Internet පහසුකම ලබා දෙන ආයතනය මගින් ලබා දෙන වේගයම ලබා ගැනීමට අපට පුළුවන්.ඒ සඳහා පහතින් රූප සටහන් මගින් සරලව දී ඇති පිළිවල අනුගමනය කරන්න.

♦  පළමුව ඔබ Run box එක විවෘත කරනගෙන එහි Open කියන තැනට gpedit.msc කියල ටයිප් කරල OK කරන්න.

♦  User Account Panel box එක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ Window එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන එක තෝරන්න.


♦  එහිදී ලැබෙන Window එකෙන් Network යන එක තෝරන්න.


♦  ඉන්පසුව ලැබෙන Window එකෙන් Qos Packet Scheduler කියන එක තෝරන්න.


♦  ඔබට ලැබෙන Window එකේ ඇති Limit reservable bandwidth කියන එක Double Click කරන්න.


♦  ඊළගට විවෘත වෙන Window එකේ Limit reservable bandwidth කියන එකේ Not Configured ලෙස ලකුණු වී ඇත.එය Enable ලෙස තෝරන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන එකේ 20% සඳහන් වී ඇති අතර, එය 0 ලෙස සටහන් කොට Apply කර OK කරන්න.


          දැන් විවෘත වී ඇති අනෙකුත් Window සියල්ල වසා දමා අන්තර්ජාලයට සම්බන්ධ වී බලන්න.ලොකු වෙනසක් නොදැනුනාට යම් පමණකින් ඔබනේ අන්තර්ජාලයේ සැරි සැරීමේ වේගය වැඩි වී ඇත.

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates