Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

3G, HSDPA හා HSUPA ගැන දැනගමු....


           අද මම කියන්න යන්නෙ අන්තර්ජංජාලයේ සැරි සරන ඔයාලගේ කනෙක්ෂන් ටෙක්නොලොජි එක ගැනයි.සමහර අයනම් මේ ගැන දන්නව ඇති.ඒත් නොදන්න අයත් ඇතිනෙ ඒ අයට දැනගන්න මම කියන්නම්කෝ.සමහර අය 3G, HSDPA, HSUPA ගැන පටලවාගෙනයි ඉන්නෙ.අපි බලමු මේ මොනවද කියල.

3G
          3G යනු (3G- 3rd Generation) යන්නයි3G කියන්නේ දත්ත වේගය 384kbps වන 3වන පරම්පරාවේ දත්ත සේවයක්. එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි. එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය. එහි 3.5 පරම්පරාව තමයි HSDPA කියන්නේ. HSDPA වලදී 14.4mbps දක්වා download වේගය ගත හැක. ජංගම දුරකතන තාක්ෂණයේ නවතම පෙරැළිය වන 3G (3G- 3rd Generation) තාක්ෂණය නැතහොත් තුන්වන පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය මේ වන විට ලංකාව තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතී. 3G යන චචනය සේම එම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා නොදන්නා බව කරුණු විමැසීමේදී හෙළි වී ඇත. පළමුවන පරම්පරාව පැවැති දුර්වලතා මගහරවා ගනිමින් ඩිජිටල් තාක්ෂණය සමඟින් දෙවැනි පරම්පරාව (2 G-2nd Generation)කරළියට පැමිණියේ ජී.එස්.එම්. තාක්ෂණය සමඟිනි. නමුත් තොරතුරු තාක්ෂණය හා තරඟ කිරීමට අවශ්‍ය විශාල සහ වේගවත් දත්ත හුවමාරුව 2G තාක්ෂණයේ නොවීය. මේ සඳහා කෙරුණු පර්යේෂණවල ප‍්‍ර‍්‍රතිඵලයක් ලෙස 3G තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේය. 

HSDPA

          HSDPA යනු High-Speed Downlink Packet Access යන්නයි. මෙහි තාක්ෂණික පැත්ත නම් අපිට  වේගයෙන් download කිරීමට ඉඩ සලසා දෙන  තාක්ෂණයක්, නමුත් upload කිරීමේදී ඉහත download කිරීමට සාපේක්ෂව වේගය අඩුයි. ලංකාවේ දැනට 7.2mbps ඉක්මවා ගොසින්  14.4mbps ක දත්ත පරාසයක් තත්පරයකදී ලබාදීමටත් අන්තර්ජාල සේවා සපයන්නන් අදහස් කරගෙන තිබෙනවා. ඒත් අපිට තාම 7.2mbps තියා 3.6mbps වේගයක්වත් මේ  පුලුල් පරාස ඉන්ටර්නෙට් හරහා ලැබෙනවාදැයි සැකසහිතයිකොහොමත් ADSL හෝ WiMax තරම් HSDPA ස්ථාවර නෑ කියන එකයි අන්තිමට කියන්න තියෙන්නේ. 

HSUPA

          HSUPA කියන්නේ High-Speed Uplink Packet Access යන්නයි. HSDPA වල upload වේගය වැඩි කරන ක්‍රමයක්. සමහර අය මේක වරද්දලා  HSDAP කියලා ටෙක්නොලොජි එකක් ගැන කියනවා. නමුත් HSDAP කියලා එකක් නෑ, HSUPA මිස.

WiMax

          WiMax යනු රුහැන් රහිත සබඳතාවයක්. එහෙත් ස්ථාවර සබඳතාවයක් නිසා අදාල සමාගම් වලින්ම අවශ්‍යය විදිහට ස්ථාවරව සවිකර දෙනු ලබනවා. මේ නෙට්වර්ක් එකක්  අපිටත් හදාගන්න පුලුවන්. ඒ වගේ ම තව කවුරු හරි ගහපු එකකට අපිටත් ඇක්සස් කරන්න පුලුවන්.  ඒකෙ සිග්නල් ලැබෙන හරියට ඔයා ගියහම ඔයාගෙ WiFi තියන උපාංගයක් තියනවනම් සිග්නල් පෙන්වනවා. හැබැයි ඔය කියන බොහොමයක් WiFi නෙට්වර්ක් ලොක් කරල තියෙන්නෙ. එනම් SSID එක හංගල. SSID හා රහස් පදය දන්නවනම් ඔයාට ඒ WiFi ජාලය හා සම්බන්ධ වෙන්න පුලුවන්. ඒකෙ අන්තර්ජාලය තියනවනම් යන්නත් පුලුවන්. WiFiයනු බොහෝවිට පුද්ගලික පරිහරනයට යොදාගන්නා රැහැන් රහිත ජාලයක්.  කෙටි දුරක් signals ලැබෙන ක්රමයක්. මීටර් 100~200 දුරක් තමයි WiFiයොදාගන්නේබලපත්‍රරහිතව එම තරංග පරාසය බාවිතා කරන්න පුලුවන්. Wimax යනු සේවා දායකයන් විසින් ග්‍රහකයන්ට රැහැන් රහිත ලෙස ජාල සේවා සපයන එක්තරා අ‍කාරයක ක්‍රමයක්. මෙහි දුර වැඩිවෙන තරමට කනෙක්ෂන් එකත් ස්ලෝ වීම පොදු දෙයක්සේවාදායකයන් සේවය සපයන ස්තානවලදි විතරයි අපිට මේ පහසුකම අත්විදින්න පුලුවන් වෙන්නේ.

Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

  1. 3g කියන්නේ video call ගැනීම පමණක් නොවෙයි නේද? 3g තිබ්බ පලියට වීඩියෝ කෝල් ගන්න බෑ නේද? Samsung Galaxy Y S5360 මේ phone එකේ 3g තියෙනවා. නමුත් secondary cam එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. secondry cam ekak nati unata back cam eken call ganna puwan wenna one. sony ericson j10i2 phone eket ehema tamai.3g kiynne video call ganimamat nemei.

      Delete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates