Saturday, April 05, 2025

Breaking News

Firefox තාලයේ Mobile OS එකක්....

         
          අද මම කියන්න යන්නෙ අලුත්ම නිව්ස් එකක්.Firefox වෙබ් බ්‍රව්සර් එක නිකුත් කරන Mozilla Foundation ආයතනය මගින් Smart Phone, Tablet PC වැනි ජංගම දුරකථන උපාංග සඳහා මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරල තියෙනවා.ඒකෙ නම විදියට ඔවුන් යොදාගෙන තියෙන්නෙ Firefox OS කියලයි.

          ඇපල් අයිඕඑස්, ගූගල් ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ෆෝන් වැනි මොබයිල් ඕඑස් එකක් වන මෙය සම්පූර්ණයෙන්ම විවෘත එකකි.එනම් කිසිම බාධාවක් නැතිව ඕනම කෙනෙකුට එය තමන්ට අවශ්‍ය විදියට වෙනස් කර ගැනීම සඳහා එහි කේත පද්ධතිය ප්‍රසිද්ධ කරල තියෙනවා.මේකට ගූගල් ඇන්ඩ්‍රොයිඩ් වලට වගේ සීමා පනවල නෑ.ඒක නිසා ලොව පලමුවෙනි ඕපන් ස්ටෑන්ඩර්ඩ් මොබයිල් ඕඑස් එක වෙන්නෙ මෙම Firefox OS එකයි.

          චීනයේ ZTE හා TCL ආයතන මගින් Firefox OS එක සහිත ජංගම දුරකථන උපාංග 2013 වර්ශයේ වෙළඳෙපාළට නිකුත් කරන බව ප්‍රකාශ කරල තියෙනවා.මෙම Firefox OS එක වැඩ කරන්නේ කෙසේදැයි අත්හදා බැලීම සඳහා එහි සංස්කරණයක් දැන් ඕනම කෙනෙකුට නොමිලේම බාගන්න පුළුවන්.ඒකට මේ ලින්ක් එකට යන්න.මෙය Firefox ඇඩෝන් එකක් ලෙස ඕනම පරිගණකයක ක්‍රියාත්මක කර බැලීමේ හැකියාවද ඔවුන් විසින් සලසා දී තිබෙනවා...




Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

  1. https://pupilvideo.blogspot.com/2022/07/bridge-to-terabithia-sinhala-dubbed-full-movie-free-download.html

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates