මෙන්න Folders / Files Hidden කරන්න හොඳම විදිහ.....
අදත් මම කියන්න යන්නෙ කොල්ලන්ට ටිකක් වැදගත් File එකක් හදාගන්න විදිහ.මේකෙන් අපට ඕනම Folder එකක් හරි File එකක් හරි System File එකක් විදියට Hidden කරගන්න පුළුවන්.අපි බලමු කොහොමද කරන්නෙ කියල.
♦ මුලින්ම Note Pad එක Open කරගන්නකෝ.
♦ දැන් මේ Code එක Type කරන්න.
attrib +a +s +r +h /s /d
♦ ඊට පස්සෙ ඒ File එක ඔයාල කැමති නමකින් Save කරගන්න.හැබැයි Save කරනකොට නමේ අගට .bat කියල දෙන්න.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනෙ හොඳද?
♦ ඊට පස්සෙ ඒ File එක ඔයාට Hidden කරන්න ඕන File/Folder තියන Folder එක ඇතුලට Copy කරගෙන Double Click කරල Open කරන්න.
♦ දැන් බලන්න ඒක ඇතුලෙ තිබුන File/Folder ටික පේනනෙ නෑ නේද?
♦ Files show කරගන්න ඕනෙ උනාම Folder Option වලට ගිහින් එකේ තියන Hide Protected Operating System Files (Recommended) කියන එකේ Tick එක අයින් කරල Apply කරල Ok කරන්න.හැබැයි ඊට උඩින් තියන Show Hidden File කියන එකේ Tick එක දාල තියෙන්නත් ඕනෙ.
♦ Hidden වුන Files/Folder Unhide කරගන්න ඕනෙ උනාම පහල තියන Code එක Note Pad එකේ Type කරල කලින් විදියටම Save කරගෙන Double Click කරල Open කරන්න.(Files/Folder Hidden කරපු තැන Save කරගන්න.)
attrib -a -s -r -h /s /d
එහෙනම් ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා කියල Comment එකක් දාල යන්නකෝ...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....