Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Windows 7 Folder Properties වල Security Tab එකෙන් වැඩ කරන්නෙ කොහොමද.....?

          ගොඩ දවසකින් Post එකක් දාන්න බැරි උනා Net Connection වල පොඩි අවුලක් නිසා.දැන් හරි.අද මම කියලදෙන්න යන්නෙ කොල්ලන්ට ටිකක් වැදගත් දෙයක්.සමහර අය මේක දන්නවත් ඇති.නොදන්න අයත් ඇතිනෙ.අපි බලමු Windows 7 Folder Properties වල Security Tab එකෙන් වැඩ කරන විදිය.
         මුලින්ම මේකෙන් වෙන දේ කියල ඉන්නම්කෝ.මේකෙන් වෙන්නෙ අපි Security වලින් දෙන User Account එක ඇරෙන්න වෙන ඒවයින් ඒ Folder එක Open කරන්න දෙන්නෙ නැති එක.හැබැයි මේ Security Tab එකේ Security වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ Admin Account එකකින් විතරයි.වැඩි කතා ඕනෙ නෑ අපි බලමු කොහොමද කරන්නෙ කියල.

♦  මුලින්ම ඔයාට Security දාගන්න ඕන Folder එක උඩ Right Click කරලා Properties වලට යන්න.
♦  ඊට පස්සෙ එන Window එකේ Security Tab එක තෝරන්න.

♦  දැන් ඒකෙන් Advanced කියන එක Click කරන්න.


♦  Advanced Security Settings Window එකේ තියන Change Permissions කියන එක Click කරන්න.

  
♦  ඊලඟට එන Window එකේ යටින් තියන Tick එක අයින් කරන්න.එතකොට පහල රූපයෙ තියන විදියට Message එකක් එයි.ඒකෙ Remove කියල තෝරන්න. 


♦  දැන් පහල තියන විදියට Window එකක් එයි.ඒකෙන් Add කියන එක උඩ Click කරන්න.


♦  Add කියන එක click කරපුවාම පහල තියන රූපෙ විදියට ලැබෙයි.


♦  ඒකෙ Advanced කියන එක උඩ Click කරන්න.


♦  ඊට පස්සෙ එන එකේ Find Now කියන එක උඩ Click කරන්න.ඊට පස්සෙ යටින් List එකක් එයි.ඒකෙන් ඔයාගෙ User Account එකේ නම තෝරල Ok කරන්න.


♦  දැන් තියන Window Ok කරගෙන යනකොට Select User or Group කියන එක Ok කරපුවාම පහල කියන විදියට Window එකක් ලැබෙයි.ඒකෙ Allow කියන පැත්තෙ Tick සේරම ටික දීල Ok කරන්න.


♦  ඊලඟට පහල තියන විදියෙ Widow එකක් ලැබෙයි.ඒකෙ ඔයාට පෙනෙයි ඔයා තෝරල දීපු User Account එක විතරක් තියනව.දැන් ඒ Folder එක Open කරන්න පුළුවන් ඒ User Account එකෙන් විතරයි.


          දැන් වෙන User Account එකකින් Log වෙලා අර Folder එක Open කරන්න පුළුවන්ද කියල බලන්න.ඒ Folder එක Open කරන්න දෙන්නෙ ඔයා කලින් තෝරපු User Account එකෙන් විතරයි.අපිට මේ විදියට Hard Disk එකේ Partition එකකට උනත් Security දෙන්න පුළුවන්.

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates