Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Windows 7 වල Reminder ඇඩ් කරගමු....


          ඔන්න කස්ටියටම වැදගත් වෙන දෙයක් ගැනයි මම කියන්න යන්නෙ.අපි වැඩක් කරනකොට වෙලාව යනව තේරෙන්නෙ නැත්තම් අපිට වෙන වැඩත් පාඩු වෙනව නේද? මෙන්න ඒකට විසඳුම.මේකට වෙනමම මෘදුකාංග දාගන්න ඕනි නෑ.ඔයාලගෙ වින්ඩෝස් 7 ඕඑස් එකේම අපට රිමයින්ඩර් පහසුකම ලබා දීල තියනවා.අපි බලමු කොහොමද ඒකෙන් වැඩ ගන්නෙ කියල.

♦ මුලින්ම රන් කමාන්ඩ් එකේ taskschd.msc කියල ටයිප් කරල එන්ටර් කරන්න.


♦ ඊලඟට පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.ඒකෙන් Create Basic Task කියන එක ක්ලික් කරන්න.


♦ දැන් විවෘත වුන වින්ඩෝ එකේ Name කියන තැන නම දීල Description කියන තැන Description එක දෙන්න.


♦ ඊලඟට ඉහලින් තියන Triggers කියන ටැබ් ඒකට ගිහින් ඒකෙ පහලින් තියන New කියන බටන් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහල පින්තූරෙ තියන විදියට වින්ඩෝ එකක් ලැබෙයි.ඒකෙ තමන්ට රිමයින්ඩර් දාගන්න ඕන විදියට වෙලාව හදාගෙන Ok කරන්න.





♦ දැන් ආපහු කලින් තිබුන වින්ඩෝ එක ලැබෙයි.දැන් ඒකෙ Action කියන ටැබ් එකට ගිහින් ඒකෙ පහලින් තියන New බටන් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහල තියන විදියෙ වින්ඩෝ එකක් ලැබෙයි.ඒකෙන් තමන්ට රිමයින්ඩර් එකෙන් වෙන්න ඕන දේ තෝරල Ok කරන්න.

උදා :- Message එකක් පෙන්න්න ඕනිනම් "Display a Message" කියන එක තෝරල Title කියන තැන  Message එකේ Title එකයි Message කියන තැන පෙන්නන්න ඕන Message එකයි ටයිප් තරල කරන්න. 


♦ දැන් ආපහු කලින් වින්ඩෝ එක ලැබෙයි.ඒකෙ Conditions කියන ටැබ් එකට ගිහින් ඒකෙ පහල පින්තූරෙ සටහන් කරල තියන තැන තියන ටික් අයින් කරන්න.


♦ ඊලඟට Settings කියන ටැබ් ඒකට ගිහින් ෙඒකෙ පහල පින්තූරෙ සටහන් කරල තියන තැන ටික් දෙක දාල Settings තමන් කැමති විදියට හදාගෙන Ok කරන්න.



දැන් වැඩේ ඉවරයි.ඔයා දුන්න වෙලාවට රිමයින්ඩර් එක වැඩ කරයි.

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates