Saturday, April 05, 2025

Breaking News

තමන් කැමති වෙබ් සයිට් සම්පුර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කිරීම - HTTrack Website Copier


          ඔන්න අදත් ගෙනාව පට්ට බාන්ඩයක්.HTTrack Website Copier ඉන්ටර්නෙට් සබදතාව ඇති පරිගනකයදී සියලු හයිපර්ලින්ක්ස් සමග වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කරන නිසා ඉන්ටර්නෙට් සබදතාව නැති පරිගනකයකදී වුවත් වෙබ් අඩවියක් ක්‍රියාතමක වන ආකාරයට බ්‍රවුස් කළ හැක. මෙසේ මුලු වෙබ් අඩවියම ඩවුන්ලෝඩ් කරන ඒකේ ප්‍රයෝජන නම්


1.ඉන්ටෙර්නෙට් නැති පරිගනකය දී පවා ඉන්ටර්නෙට් ඇති පරිගනකයක දී මෙන් වෙබ් අඩවියෙහි සැරි සැරිය හැක.

2.මෙසේ ඩවුන්ලෝඩ් කර ගන්නා සයිට් එකක් අපට ඕනෑ ආකාරයට සකසා අපේම සයිට් එකක් බවට පත් කරගත හැක.


මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.. 
                                                 
Download Now


මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩකරන හැටි....


  1. ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කර ගත්ත සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්නකෝ.
  2. දැන්  Next කරන්න.
  3. දැන් New Project name කියන එකටයි Project category කියන එකටයි නම් දෙකක් දීලා
  4. Base path කියන එකට මේ සයිට් එක සේව් කර ගන්නා තැන ‍තෝරලා ඊට පස්සේ Next කරන්න.
  5. දැන් මේ Action කියලා තියෙන එකෙන් Download all sites in pages එක තෝරලා.
  6. ඊට පස්සේ Add URL කියන බට්න් එක ක්ලික් කරලා කැමති සයිට් එකක් දීලා  (නැත්තම් සයිට් එකේ ලින්ක් එක කොපි කරලා Add URL එකේ පේස්ට් කරන්න)
  7. ඊට පස්සේ Next කරන්න
  8. ඊට පස්සේ Disconnect when finished කියන එකට ටික් එක දාලා Next කරන්න .
  9. ඔන්න ඉතින් දැන් තෝරපු සයිට් එක සේව් වෙනනවා. ඉතින් මෙතන සේව් වෙන්න යන වෙලාව සයිට් එකේ ප්‍රමානය අනුව වෙනස් වෙනවා. (පැත්තකින් ඩවුන්ලෝඩ් වෙන ප්‍රමානෙත් පෙන්නනවා)
  10. ඊට පස්සේ අර කලින් ‍තෝරපු ෆෝල්ඩරේට ගිහින් එකේ තියෙන Index.html කියන ෆයිල් එක ඕපන් කර ගන්ඩකෝ .

පෝස්ට් එක හොඳ නම් Like එකක් දාලා Comment එකක් දාන්න...එහෙනම් මම ගියා.....ජය ශ්‍රී.......!!!!

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates