Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

IDM එකේ Resume Download වෙන්නෙ නැති ෆයිල් Resume Download කරන්නෙ මෙහෙමයි.....


         ඔන්න මම අදත් කට්ටියට වැඩගත් ලිපියකුත් අරන් ආව.හැමෝම දන්නවනේ IDM ගැන නේද? නොදැන ඉන්න විදියක් නෑ.අද කියන්න යන්නෙ රිසම් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැති ෆයිල් ඩවුන්ලෝඩ් කරන විදිය.එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියලා...
මුලින්ම IDM නැති අය මෙතනින් ගිහින් අලුත්ම එක බාගන්නකෝ.

දැන් බලමු කොහොමද කරන්නෙ කියලා.ඔයා මොකක්හරි ෆයිල් එකක් බාගෙට ඩවුන්ලෝඩ් කරල ඉතුරු ටික පස්සෙ ඩවුන්ලෝඩ් කරන්න තියල තියනවනෙ.සමහර වෙලාවට අපට ඒ ෆයිල් ආපහු මුල ඉදල ඩවුන්ලෝඩ් කරන්න කියල කියනව.

  • මුලින්ම ඒ වෙලාවට එන මැසේජ් එක නෝ කරන්න.නැත්තම් ආපහු මුල ඉදල ඩවුන්ලෝඩ් වෙනවා.
  • දැන් IDM එක ඕපන් කරගෙන රිසම් වෙන්නෙ නැති ෆයිල් එක ඩබල් ක්ලික් කරල ප්‍රොපටීස් වලට යන්න.(රයිට් ක්ලික් කරලත් පුළුවන්)
  • ඊට පස්සෙ පහල පින්තූරෙ තියන විදියට දකින්න ලැබෙයි.


  • ඒකෙ තියන විදියට Referer කියන තැන තියන ලින්ක් එක කොපි කරලා බ්‍රව්සර් එකේ පේස්ට් කරල එන්ටර් කරන්න.(ඒක හරි ගියෙ නැත්තම් ඩව්න්ලෝඩ් ඇඩ්ඩ්‍රස් එක රීෆ්‍රෙෂ් කරන්න.එතකොට එන මැසේජ් එක ඕකේ කරලා Stop Waiting කියන එක ක්ලික් කරන්න.)
  • දැන් ආපහු ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක ක්ලික් කරන්න.එතකොට ආපහු  ඩව්න්ලෝඩ් කරන්න අහනවා.පහල පින්තූරෙ බලන්න.

  • ඊට පස්සෙ ඕපන් වෙන එකේ URL කියන තැන තියන ලින්ක් එක කොපි කරල කලින් කියපු විදියට ෆයිල් එකේ ප්‍රෙපටීස් වල Address කියන තැන ලින්ක් එක අයින් කරලා ඔයා කොපි කරගත්ත ලින්ක් එක එතනට පේස්ට් කරල ඔකේ කරන්න.
  • දැන් රිසම් කරල බලන්නකෝ බබා වගේ ඩවුන්ලෝඩ් වෙයි ඔයා නවත්තපු තැන ඉදලා.
*සැ.යු*
*zbigz වලින් ඩවුන්ලෝඩ් කරපු එකක් නම් අපහු ටොරන්ට් එක zbigz වලට දාල ඩවුන්ලොඩ් කරන්න.ඊට පස්සෙ කලින් කියපු විදියට කරන්න. ටොරන්ට් IDM වලින් ඩවුන්ලෝඩ් කරන විදිය බැලුවෙ නැත්තම් මෙතනින් යන්න.

එහෙනම් ඔන්න මං ගියා.ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදද......?

Join Now - 100% Sure

Ref_banner 468

4 comments:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates