Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Google Input Tool Extension එක Chrome වලට දාගන්න...


          මම අද කියන්න යන්නෙ Chrome භාවිතා කරන අයට වටින පොඩි Extension එකක් ගැන.මේ ගැන දන්න අයත් ඇති.ඒත් නොදන්න අයත් ඕන තරම් ඇතිනෙ.අන්න ඒ අයට දැනගන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ.මේකෙන් අපට සිංහල ටයිප් කරන වෙලාවට සිංග්ලිෂ් වලින් ටයිප් කරල සිංහල වචනය ගන්න පුළුවන් ලේසියෙන්ම.කියවල බලන්නකෝ එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි...

අපට මේක ඕනම වෙබ් අඩවියක සිංහල ටයිප් කරන්න යොදාගන්න පුළුවන්.විශේෂයෙන්ම මේක සිංහල බ්ලොග් කරන සහොදරයන්ට ගොඩක් වටී කියල මට හිතෙනවා.පැන්සල වගේ සොෆ්ට් ඕනි නෑ දැන් සිංහල ටයිප් කරන්න.

එහෙනම් මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Extension එක Chrome එකට ඇඩ් කරගන්න.

දැන් පහල පින්තූරෙ තියන විදියට සයිට් එක ලෝඩ් වෙයි.ඒකෙ Free කියන එක උඩ ක්ලික් කරල Extension එක ඇඩ් කරගන්න.


ඊට පස්සෙ Extension එක Chrome එකට ඇඩ් වෙනවා.ඇඩ් උනාට පස්සෙ පහල රූපයෙ තියන විදියට සෙටින්ග්ස් හදාගන්න ඕනෙ.ඒකට Chrome එකේ දකුණු පැත්තෙ උඩ කෙලවරේ අලුතින් ඇඩ් වෙලා තියන Google Input Tools කියන එක ක්ලික් කරල Extensions Options කියන එක ක්ලික් කරන්න.

දැන් පහළ රූපයේ තියන විදියේ වින්ඩොව් එකක් ඕපන් වෙයි.එකෙන් සිංහල කියන එක හොයාගෙන ක්ලික් කරලා දකුණු පැත්තෙන් තියන ඊතලය උඩ ක්ලික්  කරන්න.


දැන් පහල රූපයෙ තියනව වගේ සිංහල භාෂාව දකුණු පැත්තෙන් තියන අනිත් කොටුවට ඇඩ් වෙලා ඇති.


දැන් කරන්න තියෙන්නෙ කලින් වගේම දකුණු පැත්තෙ උඩ කෙලවරේ තියන Google Input Tools කියන එක ක්ලික් කරල ඒකෙන් සිංහල තෝරන්න.(ඔයාට සිංහල ටයිප් කරන්න ඕන වෙලාවට.වැඩේ ඉවර උනාට පස්සෙ Turn off කියන එක ක්ලික් කරන්න.) 


දැන් ඉතින් වැඩේ හරි.මේක සිංහල බ්ලොග් ලියන අයටනම් ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා.පහල රූපයෙ තියන විදියට තමයි මේක වැඩ කරන්නෙ.අපට අවශ්‍ය ඕනම තැනකට මේක භාවිතා කරන්න පුළුවන්.


එහෙනම් වැඩේ හරිනේ නේද ? ප්‍රශ්න තියනම් අහන්න.හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්න.ඔන්න මම ගිය එහෙනම්.තවත් අලුත් ලිපියකින් හම්බවෙමු.ජය වේවා......!

Posted By Gihan Rangana 




Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates