Wednesday, April 09, 2025

Breaking News

සිංහල Font වලින් ලේසියෙන්ම සිංහල Type කරමු...


          ඔන්න මම අද කියන්න හදන්නෙ සිංහල ටයිපින් කරන අයට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ සොෆ්ට්වෙයා එක හදල තියෙන්නෙ හර්ෂ ඉඳුනිල් කියල අපේ රටේම සොයුරෙක්. ඔහුට අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ.
          සිංහල ෆොන්ට් වලින් ටයිපින් කරන අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි ඇලපිලි, ඉස්පිලි හරියට ටයිප් කරගන්න බැරි එක. Photoshop, Illustrator වගේ සොෆට්වෙයා වල යුනිකෝඩ් වලින්වත් හරියට ටයිප් කරන්න බෑනෙ නේද? Key Man දැම්මත් එකත් Photoshop, Illustrator වගේ සොෆට්වෙයා වලට හරියට සහය දක්වන්නෙ නෑනෙ. ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට පුළුවන් සිංහල ෆොන්ට් වලින් කිසිම ප්‍රශ්ණයක් නැතුව ටයිප් කරන්න පුලුවන්.

මුලින්ම පහල ලින්ක් එකෙන් සොෆට්වෙයා එක බාගන්න.


දැන් බාගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල සොෆ්ට්වෙයා එක Install කරගන්න.ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියට Task bar එකේ වම් පැත්තෙ කෙලවරේ තියන ඊතලය උඩ ක්ලික් කරල "සි" අකුර උඩ Right Click කරල Setting වලට යන්න.



හරි දැන් සෙටින්ග්ස් වල තියන Enable Startup කියන තැන ටික් එක දාන්න.


ඊලඟට ඔයා සිංහල ටයිප් කරන වෙලාවට කලින් වගේම "සි" අකුර උඩ ක්ලික් කරල Sinhala Key Help Enable කරගන්න.


දැන් වැඩේ හරි.ඔයාලට දැන් කිසිම අවුලක් නැතුව සිංහල ටයිප් කරන්න පුළුවන්. සිංහල ෆොන්ට් නැත්නම් පහලින් FM ෆොන්ට් ටික බාගන්න.



*සැ.යු*
ටයිප් කරල ඉවර උනාම Sinhala Key Help Disable කරන්න මතක තියාගන්න.

එහෙනම් ඔන්න මන් ගියා.හොඳ නරක කියලම යන්න. ජය ෙවේවා.....!

Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates