Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Registry Edit කරල කාව හරි ගොනාට අන්දමුද....?


          හම්මෝ සෑහෙන දවසකින් බ්ලොග් එක පැත්තට එන්න වෙලාවක් හම්බ වුනේ.වැඩ ගොඩක් තිබුන පෝස්ට් එකක්වත් දාන්න බැරිවුනේ ඒකයි.ඔන්න මම අද කියන්න යන්නෙ පොඩි කපටි වැඩක් කරන විදිහ.මේක කරන්නෙ වින්ඩෝස් Registry එක Edit කරල.අපට පුළුවන් අපේ තියන ප්‍රොසෙසර් එකේ නම වෙනුවට ඊට වඩා ස්පීඩ් වැඩි හරි අඩු හරි ප්‍රොසෙසර් එකක නමක් දෙන්න.My Computer Properties වල තියන නම වෙනස් කරනව විතරයි හොඳද?

          උදාහරණයක් විදියට අපි හිතමු අපේ තියෙන්නෙ Dual Core Processor එකක් කියල.අපි මේ කරන්න හදන වැඩෙන් පුළුවන් ඒක Core I3 හරි නැත්තම් අපි කැමති ප්‍රොසෙසර් එකක නමක් දෙන්න පුළුවන්.අපි බලමු මේක කොහොමද කරන්නෙ කියල.

1.  මුලින්ම ස්ටාර්ට් මෙනු එකේ Regedit කියල ටයිප් කරල එන්ටර් කරන්න.



2.  දැන් පහල පින්තූරෙ තියන විදියට වින්ඩෝ එකක් විවෘත වෙයි.


3.  දැන් ඒකේ තියන HKEY_LOCAL_MACHINE කියන එක දෙපාරක් ඔබන්න.


4.  ඊලඟට මෙන්න මේ පාත් එකේ විදියට යන්න.

HARDWARE → DESCRIPTION → SYSTEM → CENTRAL PROCESSOR → 0

මේ පාත් එකේ විදියට කලාට පස්සෙ පහල රූපයෙ තියන විදියට වින්ඩෝ එකක් ලැබෙයි.ඒකෙන් ProcessorNameString කියන එක දෙපාරක් ඔබන්න.


5.  ඊලඟට පහල පින්තූරයෙ තියන විදියට වින්ඩෝ එකක් ලැබෙයි.ඒකෙ Select කරල තියන තැන ඔයාට වෙනස් කරගන්න ඕන Processor එකේ නම දීල Ok කරන්න.

දැන් වැඩේ හරි.කස්ටිය කරල බලන්නකෝ.හොඳද කියල කමෙන්ට් එකකුත් දාල යන්න.

**සැ.යු**
ඔයා මේ වැඩ කරන්නෙ වින්ඩෝස් සිස්ටම් රෙජිස්ට්‍රි එකේ නිසා කියල තියන දේ ඇරෙන්න වෙන කිසි දෙයක් වෙනස් කරන්න එපා.ඒකෙන් ඔයාගෙ පරිගණකයට හානි වෙන්න  පුළුවන්.

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates