Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Pen එකෙන් Windows දාමුද...?


         ඔන්න අදත් ගෙනවා අලුත් වැඩක්.හැමෝම වින්ඩෝස් 7 දාන්නෙ DVD එකකින්නෙ නේද? මම අද කියල දෙන්න හදන්නෙ පෙන් එකකින් වින්ඩෝස් දාන්නෙ කොහොමද කියල.මේක එච්චර අමාරු වැඩක් නෙමේ.අපි බලමු කොහොමද කරන්නෙ කියල.
1. මුලින්ම අපට Power ISO කියන මෘදුකාංගය ඕන වෙනවා.මෘදුකාංගය නැති අය Torrent File එක මෙතනින් බාගන්න. තියන අයට ප්‍රශ්නයක් නෑනෙ.

2. දැන් Power ISO ඕපන් කරගන්න.ඊට පස්සෙ වින්ඩෝස් 7 තියන DVD එක දාල Power ISO වල තියන Copy → Make CD/DVD Image File කියන එක ක්ලික් කරල වින්ඩෝස් 7 ISO Image File එකක් හදාගන්න.(Image File type එක ISO විදියට තෝරන්න)

3. ඊට පස්සෙ පහල පින්තූරෙ තියන විදියට Tools වල "Create Bootable USB Drive" කියන එක ක්ලික් කරන්න.


 4. ඊට පස්සෙ පහල පින්තූරෙ තියන විදියට වින්ඩෝ එකක් ලැබෙයි.


5. දැන් ඕපන් වුන වින්ඩෝ එකේ මම මුලින්ම මාර්ක් කරල තියන තැනට ඔයා හදාගත්ත ISO Image File එක තෝරල දෙන්න.

6. ඊට පහලින් තියන තැන Pen එක තෝරන්න.(Pen එක අනිවාර්යෙන්ම 4GB හරි ඊට වැඩි එකක් වෙන්න ඕනෙ)

7. දැන් තුන්වෙනියට මාර්ක් කරල තියන තැන "USB -HDD" විදියටම තියල පහලින් තියන Start කියන බොත්තම ඔබන්න.

8. Pen එකට ෆයිල් කොපි වෙලා ඉවර උනාම පරිගණකය රී ස්ටාර්ට් කරල පෙන් එකෙන් බූට් කරල බලන්නකෝ.....

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates