Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Internet නැතුව Win 8 වල .NET Framework 3.5 Enable කරමු..[How to install .NET Framework offline in Windows 8]



         ඔන්න මම අද කියන්න යන්නෙ ජනෙල් 8 දාන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් දෙයක්. මම මේ ලිපිය ලියන්න පටන් අරන් දැන් ගොඩක් දවස්.ඒත් ඉතින් මේ පැත්තෙ එන්න වෙලාවක් නෑ මේ දවස් වල පට්ට වැඩ ගොඩක් තියෙන්නෙ. 19 ICT NVQ Level 5 Semester 01 Exam පටන් ගන්නවනේ. ඒක නිසා මේ දවස් තියන ප්‍රොජෙක්ට් කරනව. වැඩි කතා ඕනි නෑ එහෙනම් අපි වැඩේට බහිමුකෝ......

          මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න.


හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් නැතුව Enable කරගන්නෙ කියල. Offline ඉදන් වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දි නිකන් Data ඉවර කරගන්නෙ මොකටද නේද?


01 ක්‍රමය
  • මුලින්ම Win + R ගහල cmd කියල ටයිප් කරල Command Prompt එක ඕපන් කරගන්න.
  • දැන් පහල තියන පිලිවෙලා කෝඩ් ටයිප් කරල System32 Folder එකට යන්න.
    • C:\User>cd c:\
    • C:\>cd windows\system32
(මේ වගේ නිල් පාට කරල තියන කෝඩ් විතරක් ටයිප් කරන්න)

  • හරි  දැන් ඔය පහලින් දාල තියන කෝඩ් එකෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ.එහෙනම් ඒක Command Prompt එකේ ටයිප් කරගන්නකෝ.
Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\sxs /LimitAccess


රතු පාට කරල තියන F අකුර වෙනුවට ඔයාගෙ CD රොම් එකේ අකුර දෙන්න. Win8 DVD එකත් රොම් එකට දාන්න ඕනෙ හොඳද? දැන් ෙකෝඩ්එක හරියට ගැහුවනම් එන්ටර් කරන්න. පහල රූපය බලන්න.




02 ක්‍රමය


මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. පහලින් ලිනක් එක දාල තියනවා.



  • හරි සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න දැන්.ඒක ඕපන් කරනකොට ෆයිල් එක උට Right Click කරල Run as Administrator තෝරන්න.

  • හරි දැන් Windows 8/8.1 DVD එක දාල ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එකේ Sources\sxs කියන folder එක තෝරල Start Installation කියන තැන Click කරන්න.



දැන් වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනම්  කමෙන්ට් කරල අහන්න.එහෙනම් ඔන්න මන් ගියා....



Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

  1. Lokuuu prashnayak machan....
    Umbata vitarak mokada ICT NVQ LEVEL 5 Semester 1 exam eka 18 tiyenne????

    ReplyDelete
  2. poddak waraduna bn.18 neme 19 onna haduwa :d

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates