Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

FAT32 වලින් තියන පෙන් එකක් Format නොකර NTFS වලට හරවමු....


          මම මේ අද කියන්න යන දේ ඔයාලට සමහරවිට වැදගත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කට්ටියට දැනගන්නත් එක්ක මම කියන්නම්කෝ. ඉගෙනගත්ත දෙයක් කවදාවත් අහක යන්නෙ නෑනෙ නේද? මම අද කියල දෙන්න යන්නෙ FAT32 වලින් තියන පෙන් එකක් Format නොකර NTFS වලට හරවන විදියක් ගැන.එහෙනම් බලමු කොහොමද මේක කරන්නෙ කියලා...


          දන්නවනෙ පෙන් එකක් සාමාන්‍යයෙන් තියෙන්නෙ FAT32 කියන ෆයිල් ෆෝමැට් එකෙන්.අපි දන්න කවුරුත් දන්න විදියටනම් FAT32 ෆයිල් ෆෝමැට් එකෙන් තියන පෙන් එකක් NTFS කියන ෆෝමැට් එකට හරවන්න නම්  පෙන් එක ෆෝමැට් කරන්න වෙනවා.මම අද කියල දෙන්නම් පෙන් එක ෆෝමැට් නොකරම FAT32 වලින් තියන පෙන් එකක් NTFS වලට හරවන විදිය.මේක කරන්න  තියෙන්නෙ කවුරුත් දන්න Command Prompt එකෙන්.

එහෙනම් මුලින්ම Run කමාන්ඩ් එක භාවිත කරල Command Prompt එක ඕපන් කරගන්න. Windows Key+R ගැහුවම එන වින්ඩෝ එකේ cmd කියල ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට Command Prompt එක ඕපන් වෙයි.

දැන් පහල තියන කෝඩ් එක Command Prompt එකේ ටයිප් කරල එන්ටර් කරන්න.

chkdsk J: /f
මේ කෝඩ් එකේ තියන J: අකුර වෙනුවට ඔයාගෙ පෙන් එකේ තියන අකුර දෙන්න.එන්ටර් කලාට පස්සෙ පෙන් එකේ Errors තියනවද කියල චෙක් කරනව. Errors නැත්තම් අවුලක් නෑ.



දැන් අපි Convert කරන එක කරමු.ඒකට පහල තියන කෝඩ් එක Command Prompt එකේ ටයිප් කරගන්න.

Convert J: /FS:NTFS
මේකෙත් කලින් විදියටම J: අකුර වෙනුවට ඔයාගෙ පෙන් එකේ තියන අකුර දීල එන්ටර් කරන්න.වැඩේ හරියට කලානම් NTFS වලට Convert වෙලා ඇති.පෙන් එකේ Properties ගිහින් බලන්න.



මේ මම Convert කරන්න කලින්.




මේ මම Convert කලාට පස්සෙ.




එහෙනම් ට්‍රයි කරල බලන්නකෝ.මේකත් මතක තියාගන්න NTFS තියන එකක් මේ විදියට FAT32 වලට Convert කරන්නනම් බෑ. ඒකට ෆෝමැට් කරන්නම වෙනවා.

එහෙනම් ඔන්න මම ගියා.ආයෙත් අලුත් ලිපියකින් හම්බ වෙමු.ජය වේවා.........!

ලිපියෙ හොඳ නරක කියල පහලින් කමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එපා.

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates