Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Desktop එකේ ඉදන් ලිපි කියවන්න කැමතිද........?

           කොහොමද යාළුවනේ....? ඔන්න මම අද තවත් පට්ට පෝස්ට් එකක් අරන් ආව.ගොඩක් කට්ටිය දන්නෙ නැති දෙයක් තමයි මම අද කියල දෙන්න යන්නෙ.මේක වැදගත් වෙන්නෙ Windows 7 පාවිච්චි කරන අයට තමයි.දන්නවද RSS Feed Reader Gadget එකෙන් ලිපි කියවන්න පුළුවන් කියල.නෑනෙ නේද? එහෙනම් කියවලම බලන්නකෝ.....

          මම අද කියල දෙන්න යන්නෙ අපේ වින්ඩෝස් 7 එකත් එක්කම එන RSS Feed Reader Gadget එකෙන් වැඩක් ගන්න විදිය ගැන.ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ නෑනෙ නේද? අද ඉදන් පාවිච්විය පටන් ගන්නකෝ.වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ.....

මුලින්ම Internet Explorer ඕපන් කරගෙන අපේ බ්ලොග් එකට යන්නකෝ.පහල තියන ලින්ක් එකම කොපි කරල පේස්ට් කරගන්න.

http://grcomworld.blogspot.com/

හරි එහෙනම් දැන් සයිට් එක ලෝඩ් වෙලා ඉවර උනාට පස්සෙ පහල රූපයෙ තියන විදියට RSS Feed අයිකන් එක උඩ ක්ලික් කරන්න.


ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියට Message එකක් පෙන්නයි.ඒකෙ Subscribe to this feed කියන එක ක්ලික් කරන්න.


දැන් පහල රූපයෙ තියනව වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒකෙ කැමති නමක් දීල Subscribe කියන බටන් එක ක්ලික් කරන්න.


දැන් ඒ වැඩේ ඉවරයි.Favorite Bar එකේ බලන්න.ඔයා දීපු නමින් Feed එක ඇඩ් වෙලා ඇති.


ඊලඟට කරන්න තියෙන්නෙ RSS Feed Reader Gadget එක ඩෙස්ක්ටොප් එකට දාගන්න එක.පහල රූපයෙ තියන විදියට ඩෙස්ක්ටොප් එකේ Right Click කරල Gadget කියන එක ක්ලික් කරන්න.


ඒක කලාට පස්සෙ පහල රූපයෙ තියනව වගේ වින්ඩෝ එකක් එකක් ඕපන් වෙනව.ඒකෙන් Feed Headlines කියන Gadget එක ඩෙස්ක්ටොප් එකට ඇදල දාන්න.නැත්තම් ඩබල් ක්ලික් කරන්න.Gadget එක ඩෙස්ක්ටොප් එකට දාගෙන වින්ඩෝ එක Close කරන්න.


දැන් ගැජට් එකේ පෙන්වන්නෙ Microsoft ලගේ Feeds ටිකනෙ.ඒක වෙනස් කරන්න ඕනෙ.දැන් ගැජට් එකේ සෙට්න්ග්ස් වලට යන්න.පහල රූපය බලන්නකෝ.


ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියට පෙන්නයි.ඒකෙ Display this Feed කියන තැන තියෙන්නෙ All Feed කියලනෙ.ඒක වෙනස් කරන්න ඔයා අර කලින් Internet Explorer වලට ඇඩ් කරපු Feed එකට දුන්න නම තෝරල Ok කරන්න.


දැන් වැඩේ ඉවරයි ගැජට් එකේ ලිපි පෙන්වනවනෙ නේද?


ගොඩක් Feed ඇඩ් කරගන්න ඕන නම් Internet Explorer ඕපන් කරගෙන කලින් විදියටම ඕන සයිට් එකට ගිහින් Feed එක Subscribe කරගන්න.ඊට පස්සෙ Favorite Bar එකේ තියන Microsoft Feed ෆෝල්ඩර් දෙක ඩිලීට් කරල ගැජට් එකේ සෙටින්ග්ස් වල All Feed කියන එක තෝර Ok කරන්න.

එහෙනම් ඔන්න මම ගියා.ජය වේවා........!

ලිපිය හොඳනම් කමෙන්ට් එකක් දාලම යන්න අමතක කරන්න එපා හොඳද....?

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates