Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

බ්ලොගර් වලින් සින්ඩියක් හදමු....


          ඔන්න යාළුවනේ මම අද තවත් අලුත් වැඩක් අරන් ආවා.හැමෝටම වගේ තියන ප්‍රශ්නයක් තමයි මේ බ්ලොගර් වලින් කොහොමද බ්ලොග් කියවන සිංඩිකේටරයක් හදන්නෙ කියන එක.මම අද කියන්න යන්නෙ කොහොමද මේක කරන්නෙ කියලා.

එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු නේද? මුලින්ම බ්ලොගර් වලට ලොග් වෙලා අලුතින් බ්ලොග් එකක් හදාගන්න කැමති නමක් එහෙම දීලා.දැන් අපි සිංඩිය හදන වැඩේට බහිමු.

මුලින්ම බ්ලොගර් Dashboard එකේ Layout → Add Gadget ක්ලික් කරල Gadget කරන පේජ් එක ඕපන් කරගන්න.


ඊට පස්සෙ ඕපන් උන වින්ඩෝ එකේ තියනවා Blog List කියන Gadget එකක්.ඒක ක්ලික් කරන්න.


හරි දැන් කරන්න තියෙන්නේ ඕන බ්ලොග්/වෙබ් ඇඩ් කරගන්න එක.අලුතින් ඕපන් උන පේජ් එකේ පහලින් තියන Add List කියන තැන ක්ලික් කරන්න.


ඊට පස්සේ පහල රුපයේ විදියට Link එක ඇඩ් කරන්න අහනවා.එතනට ඔය ඇඩ් කරන බ්ලොග්/වෙබ් අඩවියේ ලින්ක් එක දෙන්න.ඔයා ඇඩ් කරන්නේ බ්ලොගර් වලින් හදපු බ්ලොග් එකක් නෙමේනම් අනිවාර්යෙන් ඇඩ්  කරන වෙබ් අඩවියේ RSS Feed ලිපිනය දෙන්න.


මේ විදියට ඕන තරම් වෙබ්/බ්ලොග් ඇඩ්  කරගන්න පුළුවන්.ඊට පස්සේ Save බටන් එක ක්ලික් කරන්න.

දැන් අපි මේ ඇඩ්  කරගත්ත බ්ලොග්/වෙබ් වල තියන ලිපි පෙන්වන තැන හදාගන්න ඕනේ.බ්ලොග් එකේ දන ලිපි වෙනුවට අපි වෙන වෙබ්/බ්ලොග් අඩවි වල ලිපි ඇඩ් කරන නිසා මේ Gadget එක Blog Post පෙන්වන තැනට උඩින් දාගත්තනම් හොදයි.එකට ඔයා ඇඩ් කරගත්ත Gadget එක Blog Post කියන තැනට උඩින් දාගන්න.පහල රුපය බලන්නකෝ.


දැන් ඒ වැඩේ හරි.ඔය කැමතිනම් විතරක් Blog Post පෙන්වන එක අපට Hide කරන්න පුළුවන්.එතකොට බ්ලොග් එකේ පෙන්වන්නේ ඔයා ඇඩ් කරන බ්ලොග් වල ලිපි විතරයි.ඔය ඇඩ් කරන ලිපි/පේජ් පෙන්වන්නේ නැ.එකට පහල විදියට කරන්න.

මුලින්ම Template → Edit HTML වලට යන්න.

ඊට පස්සේ පහල රුපයේ විදියට පේජ් එකක් ඕපන් වෙයි.එකේ මැද හරියේ ක්ලික් කරලා Ctrl+F ඔබන්න.දැන් දකුණු පැත්තේ උඩ තියන Search බාර් එකේ .post කියල ටයිප් කරලා enter කරන්න.පහල පින්තුරේ වගේ තැනකට එනකම් enter කරන්න.


පින්තුරේ තියන විදියට display:none;  කියල ගහල Save template ක්ලික් කරන්න.එතකොට ඔයා හදපු බ්ලොග් එකේ පෙන්වන්නේ අර Gadget එකට ඇඩ්  කරන බ්ලොග්/වෙබ් වල ලිපි විතරයි.

මෙන්න මම හදපු සින්ඩිය.ඔයාගෙත් බ්ලොග්/වෙබ් තියනම් එකතු කරන්න.


එහෙනම් ප්‍රශ්න තියනම් අහන්න.ලිපිය ගැනත් අදහසක් දාලම යන්න.




Join Now - 100% Sure

Ref_banner 468

8 comments:

  1. උබ ගැන දුකයි බං.මේවටත් සින්ඩි කියන උන් ඉන්නවද කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹ දෙන්නැතුව හිටපංකෝ

      Delete
  2. ඇයි මචන් හැංගිලා කමෙන්ට් කරන්නේ? උබ කියන කතාව මාත් පිලිගන්නවා.මේ වගේ ඒවට සිංඩියක් කියන්න බෑ තමයි.ඒත් මචන් මේකත් දැනගනින්.සින්ඩි කියල බ්ලොගර් වලින් හදල තියන හැම එකක්ම හදල තියෙන්නේ මේ විදියට තමයි.අපේ සිංහල බ්ලොග් කරන අයට පොඩි හරි උදවුවක් කරන්නයි මම මේ විදියෙ දෙයක් කලේ.

    ReplyDelete
  3. නියම වැඩක් සහෝ නියමයි :)

    ReplyDelete
  4. @Anonymous - අනේ බන් දන්න දෙයක් කියවහන්...මේවගේ වැඩ උබ දන්නවනම් කියල දියන්කෝ. තෝ මොකුත් දන්නේ නේ. මේ admin දන්න දේනේ කිව්වේ
    Thanks

    ReplyDelete
  5. ඔයා එල කොල්ලෙක් බො>> mathttps://www.facebook.com/comwrld?ref=hla kyla denna puluwnda oye blog ake මුනු පොත, ලිපි වර්ග, mewa sinhalen dapu hatie mewata item add krpu hatie.. අනෙ ලොකු උදව්වක්.

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates